31 May 2026

logo

බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට



රජය විසින් ආනයනය කළ මෙගාවොට් 160ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් ඊයේ (30) අලුයම කොළඹ වරායට රැගෙන විත් තිබෙනවා. 

2025 වසරේ ජූලි මාසයේදී මෙම ධාරිතාව සහිත බැටරි 16ක් ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් කැඳවූ අතර ඉන් 6ක් මෙලෙස රැගෙනවිත් තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම බලශක්ති ගබඩා පද්ධති 6 මහව, වවුනියාව, චුන්කානම්, කිලිනොච්චි, අනුරාධපුර හා පොළොන්නරුව ප්‍රදේශවල පිහිටා ඇති විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව ස්ථාපිත කිරීමට කටයුතු කරන බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළා. 

(colombotimes.lk)