කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 115.84කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 16,373.15ක් ලෙසයි.
එය මෙතෙක් ඉතිහාසයේ සටහන් වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළම අගය බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 5.56ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)