තාවකාලිකව වසා දැමුණු උතුරු මැද පළාතේ සියලු පාසල් හෙට (21) සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද එම පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්. එම්. ඩබ්ලිව් සමරකෝන් ඊයේ (19) තීරණය කළා.
ඒ අනුව හෙට නැගෙනහිර පළාතේ සහ උතුරු මැද පළාතේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)