20 January 2025


මහනුවර - මහියංගනය මාර්ගය අද පස්වරුවේ වැසෙයි



මහනුවර - මහියංගනය මාර්ගය අද (20) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා තබන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ එම මාර්ගයේ කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කණුව අසලින් එම වසා දැමීම සිදු කරන බවයි.

අදාළ මාර්ගය අසල ගල් පෙරලීමේ අවදානමක්ද මතුව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)