19 April 2025


කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි



කොළඹ කොටස් වෙළෙඳපොළ S&P ශ්‍රී ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5.30%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 16ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01කින් පහළ ගොස් ඒකක 14,734.34ක් ලෙසින් සටහන්වී තිබෙනවා.

එමෙන්ම S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90ක් ලෙසින් සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 5.30%ක හා 4.16%ක පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

කෙසේ නමු‍ත් මේ වන විට යළිත් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)