කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 284.25කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,373.35ක් ලෙසයි.
එය ඊයේ (03) දිනයට සාපේක්ෂව 1.82%ක පහළ යාමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 3.1ක් ලෙස සටහන් වී තිබෙනවා.