colombotimes.lk
සිංහල | English

17 May 2024

Colombo Times නමින් ව්‍යාපාරික ආයතනවලට ලැබුණු දුරකථන ඇමතුම සම්බන්ධව විශේෂ නිවේදනයයි



මේ වනවිට ශ්‍රී ලංකාවේ පිළිගත් ව්‍යාපාර ආයතන කිහිපයක් වෙත Colombo Times නමින් ඇමතුම් ලබා දෙන කාන්තාවක් පිළිබඳව Colombo Times ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා වී තිබෙනවා.

චානිකා ඉඹුලාන නම් මාධ්‍යවේදිනියක් ලෙස තමාව හඳුන්වාදෙන කාන්තාවක් මෙලෙස දුරකථන ඇමතුම් ලබාගෙන යම් යම් විමසීම් කර තිබෙන බවයි එම ව්‍යාපාරික ආයතන Colombo Times වෙත පැමිණිලි කර සිටියේ.

කෙසේ වෙතත් චානිකා ඉඹුලාන නම් මාධ්‍යවේදිනියක් Colombotimes.lk හිමිකාරීත්වය දරන Colombo Times Network Private Limited ආයතනයේ සේවය නොකරන බව මෙයින් දැනුම් දෙමු.

එම ඇමතුම්වලින් යම් යම් අපහසුතාවයන්ට පත් ආයතන වෙත අපගේ කණගාටුව පළකරන්නෙමු.

එමෙන්ම මෙම කාන්තාව ලබා දෙන ඇමතුම් පිළිබඳව කිසිඳු වගකීමක් අප භාර නොගන්නා බවද මෙයින් දැනුම් දෙමු.
(colombotimes.lk)