colombotimes.lk
සිංහල | English

03 July 2024

'Colombo Times මැණික' ජයග්‍රාහකයන් නම් කිරීම අද සවස



මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නිවැරදිව අනුමාන කරන ඔබට වටිනා ස්වභාවික මැණිකක් පිරිනැමීමට Colombo Times අප තීරණය කළා.

ඒ අනුව 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

තරග කොන්දේසි නිසියාකාරව අනුගමනය කරමින් ඉන්දියාව ලෙස නිවැරදි පිළිතුර බොහෝ දෙනෙක් අප වෙත එවා තිබුණා.

මේ අතරින් 'Colombo Times මැණික' හිමි කර ගන්නා වාසනාවන්තයින් තෝරාගැනීම අද උදෑසන Colombo Times ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එම ජයග්‍රාහකයන් පිළිබඳව අද පස්වරුවේදී colombotimes.lk හරහා ඔබට කියන්න අපි සූදානම්.

'Colombo Times මැණික' සඳහා දිදුළන අනුග්‍රහය ලබා දෙන්නේ Rare Stones ආයතනයයි.

(colombotimes.lk)