ජනපතිගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්



වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන්නේ මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.
(colombotimes.lk)