අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට



හිටපු විපක්ෂ නායකවරයෙකු වූ අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහුගේ දේහය අද පස්වරු 02.00 සිට 04.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපස පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)