මැඩ්රිඩ් සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ Air Europa Boeing ගුවන් යානයේ 'දැඩි කැළඹීමක් 'ඇතිවී තිබෙනවා.එම කැළඹීම හේතුවෙන් මගීන් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ගුවන්යානය බ්රසීලයට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා. එම කැළඹීම හේතුවෙන් තුවාල ලැබූවන් මේ වන විට ප්රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)