ICC ශ්‍රේණිගත කිරීම් නිකුත් කරයි - වනිඳුගේ තැනට තවත් අයෙක්



ICC T20 පන්දු යවන්නන්ගේ, පිතිකරුවන්ගේ සහ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම් ICCය විසින් අද (26) යාවත්කාලීන කළා.

ඒ අනුව පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල මුල් පස් දෙනා අතර කිසිඳු වෙනසක් සිදු වී නොමැති අතර එහි පළමු ස්ථානයේ ඕස්ට්‍රේලියාවේ Travis Head දෙවන ස්ථානයේ Suryakumar Yadav සහ තෙවන ස්ථානයේ Phil Salt රැඳී සිටිනවා.

නවතම ICC පිරිමි T20I ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිඳු හසරංග සමඟ සමතැන ලබා ගැනීමට ඉන්දියාවේ Hardik Pandyaට හැකි වී තිබෙනවා.

එමෙන්ම නව පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්තයේ Adil Rashid රැඳී සිටින අතර එහි දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාවේ Anrich Nortje රැඳී සිටිනවා.

T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානයේ සිටි වනිඳුට නව ශ්‍රේණිගත කිරීම්වලද එම ස්ථානයම හිමිව තිබෙනවා.

(colombotimes.lk)