17 July 2025

logo

නව පත්වීම් රැසක් ජනපති අතින්



උපාධිදාරීන් 1,706 දෙනෙකු සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුරු පත්වීම් ලබා දී තිබෙනවා.

ඊට අමතරව ඉංග්‍රීසී ඩිප්ලෝමාදාරීන් 453 දෙනෙකු සඳහා ද ජාතික පාසල් ගුරු පත්වීම් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (03) පෙරවරුවේ මෙම පත්වීම් ප්‍රධානය සිදුකර ඇති අතර එහිදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා ද පත්වීම් ලබා දී තිබෙනවා.
(colombotimes.lk)