22 May 2026

logo

කොළඹ උද්ධමනය ඉහළට



කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ‍ පාරිභෝගික උද්ධමන අනුපාතය 5.4%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය පසුගිය මාර්තු මාසයේ 2.2%ක් ලෙස වාර්තා වූ බවයි. 

2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2.8%ක් දක්වා වැඩි වී තිබෙනවා.

එය 2026 මාර්තු මාසයේදී 0.7%ක් ලෙස සටහන් වී තිබෙන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම 2026 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 6.8%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එය 2026 මාර්තු මාසයේදී එය 2.9%ක් ලෙස වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)