කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.
ඒ හේතුවෙන් කොළඹ - ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කටද හානි සිදුවී තිබෙනවා.
මෙම අනතුරෙන් සිය ජීවිත බේරාගැනීමට නිවැසියන්ට හැකිවී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)