11 May 2025


ලංගම වාර ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්



ලංගම වාර ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා. 

අදාළ කමිටුව මේ වන විට දෙවතාවක් රැස්වී ඒ පිළිබඳව සොයා බැලූ බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ. 
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැහැ. 
 
මේ අතර, ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ ජුනි මස 14 වනදා දක්වා පාසල් සිසුන් සඳහා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවයි.
(colombotimes.lk)