16 January 2025


මෙරට වෘත්තිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව රැකියා



ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ අතර හමුවක් අද (16) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී තානාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අඛණ්ඩ සහාය ලබාදෙන බවයි.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 150,000ක් පමණ රැකියාවල නිරතව සිටින බවත් ඉදිරියේදී එම රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට නව රැකියා අවස්ථා උදා කරදීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)