19 May 2025


ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්



16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම් ලබාදී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ලබාදී ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22දෙනෙක්ට සහ සෙසු නිලයන් 1,256දෙනෙක්ට උසස්වීම් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ ගුවන් හමුදාවේ නිලධාරීන් 12දෙනෙක්ට සහ සෙසු නිලයන් 848දෙනෙක්ට උසස්වීම් ලබාදී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093දෙනෙක්ද උසස්වීම් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)