ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැරීමට නියම කර තිබෙනවා.
එම ඇපකරුවන් අතරින් දෙදෙනෙක් ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන්.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)