14 May 2025


අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ පෙත්සමට අධිකරණය දුන් නියෝගය



යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට එරෙහි පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ජුනි 26වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ අදාළ පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

අර්ච්චුනා රාමනාදන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
 
(colombotimes.lk)