14 May 2025


දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්



කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා එය තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 17වනදා පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා අර්ධ වශයෙන් හා එදිනම රාත්‍රී 08.00 සිට ලබන 18වනදා පෙ.ව. 05.00 දක්වා සම්පූර්ණයෙන්ම එම දුම්රිය හරස් මාර්ගය වසා තබන බවයි.

(colombotimes.lk)