14 May 2025


ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්



කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පිරවුම් සංකීර්ණයේ මෑන්පවර් සේවක කණ්ඩායමක් අතර අද (14) ඇති වූ සේවක ඉල්ලීම් සම්බන්ද නොසන්සුන්තාව මේ වන විට සමථයකට පත් වී තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළේ ගෑස් පිරවීමට හෝ බෙදාහැරීමට කිසිදු ආකාරයේ  බලපෑමක් සිදුනොවන බවයි.

එමෙන්ම එම සේවාවන් සාමාන්‍ය ලෙස සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)