14 May 2025


ජන සංහාර චෝදනා ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි



ශ්‍රී ලංකා රජය පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදු කළ බවට එල්ල වන චෝදනාව ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිදු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ නොකළ බවයි.

ඒ අනුව එය නොමඟ යවන තොරතුරු මත පදනම් වූවක් බව එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,



 (colombotimes.lk)