11 May 2025


ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයෙන් නියෝග



තමන්ට ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

මියාමි නුවර ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තමාට දැනුම්දී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කළා. 
 
රහස්‍ය ලිපිගොනු වැරදි ලෙස පරිහරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රප්ම්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක වන පසුබිමක මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා. 
 
ඔහුට විරුද්ධව අධිචෝදනා 7 ක් ගොනුකර ඇතත්, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
(colombotimes.lk)