පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (03) දිනය තෙක් වළක්වන ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අභියාචනාධිකරණය අද (02) යළි නියෝග කර තිබෙනවා.
ඒ මෙම පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.
එහිදී දැනට ප්‍රතික්ෂේප කර තිබෙන නාම යෝජනා අතරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කර තිබෙන නාම යෝජනා යළි භාර ගැනීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇති වී තිබෙනවා.
ඒ අනුව දැනට භාරගැනීමට එකඟතාවයකට පත්වී තිබෙන නාම යෝජනා හැර සෙසු නාම යෝජනාවලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්ද විමසීම් කටයුතු සම්බන්ධව ඉදිරි පියවර ගැනීම හෙට (03) දින තෙක් වළක්වමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අද දහවල් තෙක් කල් තබා තිබෙනවා.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව විසින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)