31 March 2025


හිටපු අමාත්‍යවරයෙක්ගේ පෙත්සමකට අධිකරණයෙන් තීන්දුවක්



හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය අප්‍රේල් 28වනදා ප්‍රකාශයට පත් කිරීමට නියම කර තිබෙනවා.

අදාළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ඔප්පු සකසා විකිණීමේ සිද්ධියකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණවීර මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

(colombotimes.lk)