27 February 2026

logo

හේෂාගේ චෝදනාවලට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු



පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී හේෂා විතානගේ විසින් කරන ලද චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊයේ (18) පාර්ලිමේන්තු මන්ත්‍රී විතානගේ කියා සිටියේ එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වැටුපක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 150,000ක් ගෙවා ලැප්ටොප් පරිගණකයක්, ජංගම දුරකථනයක් සහ වෙනත් ප්‍රතිලාභ ලබාදී ඇති බවයි.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රක්ෂයට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසි විටෙක තෙන්නකෝන්ට කිසිදු ගෙවීමක් හෝ කිසිදු වරප්‍රසාදයක් ලබාදී නොමැති බවයි.


 
(colombotimes.lk)