31 March 2025


වගාවලට හානි කරන රිලවුන් දූපතකට



මහනුවර දිස්ත්‍රික්කයේ වගාවලට හානි කරන රිලවුන් අල්ලාගෙන ගොස් දූපතකට මුදා හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ එම දිස්ත්‍රික්කයේ වගාවලට රිලවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ කමිටුව ඊයේ (27) රැස්වූ අවස්ථාවේදීයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන රිලවුන් රන්දෙණිගල ජලාශය මධ්‍යයේ පිහිටි අක්කර 200කට ආසන්න වපසරියකින් යුත් දූපතකට රැගෙනයාමට එහිදී තීරණය වී තිබෙනවා.

(colombotimes.lk)