22 May 2026

logo

ඉන්දියාවෙන් ගෙන්වූ කෝටි ගණනක කහ තොගයක් රේගු භාරයට



ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ජිප්සම් ප්ලාස්ටර් තුළ සූක්ෂම ලෙස සඟවා මෙරටට ගෙන ඒමට උත්සහ කළ කහ කුඩු කිලෝග්‍රෑම් 2,580ක් සහ කහ අල කිලෝග්‍රෑම් 3,950ක් අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ කාර්ය සාධක බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

රේගු නිලධාරීන් සඳහන් කළේ අත්අඩංගුවට ගත් කහ තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි.

(colombotimes.lk)