06 March 2025


ඕස්ට්‍රේලියාවට සුළි කුණාටු අනතුරු ඇඟවීමක්



ඕස්ට්‍රේලියාවේ Brisbane නගරය සඳහා සුළි කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇල්ෆ්‍රඩ් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝමීටර් 120ක පමණ තද සුළංද ඇති විය හැකි බවයි.
 
මේ හේතුවෙන් බ්‍රිස්බේන් පුරා දේපළ 20,000කට බලපෑම් එල්ල විය හැකි බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)