02 June 2025


ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්



බෙංගාල බොක්ක සහ අරාබි මුහුදේ යාත්‍රා කිරීමේදී  දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

ඒ තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.

 (colombotimes.lk)