13 November 2025

logo

දඹුල්ල ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි



දඹුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ඒකාබද්ධ මන්ත්‍රීවරුන් ඊයේ (12) පැවති මහ සභා රැස්වීමට දේශීය ලොකු ළූණුවලින් සැකසූ මල්මාලා දමාගෙන සහභාගී වී තිබෙනවා. 

ඒ දේශීය ලොකු ළූණු  මිල සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලුවට විරෝධය දැක්වීම සඳහායි. 

එමෙන්ම ඔවුන්  'ගොවි පුතා රජවුණා. ගොවියාට කෙලවුණා.' යනුවෙන් සටන් පාඨ කියමින් සභාවට පිවිස තිබෙනවා. 

එම විරෝධය දැක්වීමෙන් අනතුරුව මහ සභා රැස්වීම ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත් එහිදී ද ලොකු ළූණු සඳහා මිලක් නොමැති වීම හා විනාශ වූ ලොකු ළූණු සඳහා වන්දි මුදලක් ඉල්ලමින් වාද විවාද කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්යක් හට ගෙන තිබෙනවා.

(colombotimes.lk)