ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා.
සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නලීන් හේවගේ සඳහන් කළේ ඉතා ඉහළ වටිනාකමක් ඇති අක්කර 04ක් පමණ වන මෙම බන්ධනාගාරය පිහිටි ඉඩම, ගාල්ල නගර සංවර්ධනයට යොදා ගත හැකි බවයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබෙන බවද ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ යෝජනාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී අනුමත කරන බවයි.
ඉන් අනතුරුව එයට අවධානය යොමු කළ හැකි බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)
