12 November 2025

logo

සයිප්‍රසය සෙළවෙයි



නිරිතදිග සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් පමණ ඊසාන දෙසින් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

යුරෝපීය - මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ එරට වේලාවෙන් අද (12) උදෑසන 09.31ට පමණ රික්ටර් මාපකයේ 5.7ක අගයකින් මෙම භූ කම්පනයක් හටගත් බවයි. 

මෙම භූ කම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවට ද දැනී තිබෙනවා. 

කෙසේ නමුත් සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)