11 November 2025

logo

නවදිල්ලි නුවර පිපිරීමට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට



ඉන්දියාවේ නවදිල්ලි නුවර සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙක් කාෂ්මීරයේ පදිංචිකරුවන් වන අතර අනෙක් සැකකරු ලක්නව්වල පදිංචිකරුවෙක් බවයි. 

කෙසේවෙතත් පිපිරීමේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)