13 November 2025

logo

මාලදිවයිනේදී මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ මෙරට ධීවරයන්ට රැඳවුම් නියෝග



මාලදිවයිනේ සුවිශේෂී ආර්ථික කලාපයට නීති විරෝධී ලෙස ඇතුළු වූ බෝට්ටුවකින් කිලෝග්‍රෑම් 350කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් පස්දෙනාට රැඳවුම් නියෝග පනවා තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය සහ පොලීසිය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එලෙස අත්අඩංගුවට ගත් ධීවරයන් අවුරුදු 28, 39, 34, 42, සහ 63 යන වයස්වල පසුවන බව මාලදිවයින් වාර්තාවල සඳහන් වනවා. 

(colombotimes.lk)