බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊයේ (21) පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තවත් 34දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී බස් රථය පෙරළී ගොස් මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවා ඇත්තේ රියදුරු සහායක විසින් බවයි.
(colombotimes.lk)