03 September 2025

logo

ජපානය සෙළවෙයි



ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (22) අළුයම රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පැවසූ බවයි. 
 
එම භූ කම්පනය කිලෝමීටර 10ක් (සැතපුම් 6.21)ක් පොළව ගැඹුරින් සිදු වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් කිසිදු හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් වාර්තා වී නොමැති බවයි. 

(colombotimes.lk)