සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ යුද හමුදාව සම්බන්ධයෙන් සංසරණය වූ අසත්‍ය ප්‍රකාශයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ලියකියවිලි මඟින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කිහිපදෙනෙක් පෞද්ගලික හේතු මත යුද හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.
එමෙන්ම විවිධ පාර්ශව තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් වැරදි තොරතුරු වගකීම් විරහිතව සමාජගත කරමින් සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk)