යාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇද වැටී තරුණයෙක් මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ (21) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුවී ඇති බවයි.
නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක් එලෙස මිය ගොස් තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මරණකරු මෙම හෝටලයේ සේවකයෙක් වශයෙන් කටයුතු කරන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි.
(colombotimes.lk)