තම රට කිසිවිටකත් යටත් නොවන බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින්.
ඉරාන අධ්‍යාත්මික නායකයා වැඩිදුරටත් සඳහන් කළේ ඊශ්‍රායලට එරෙහිව තමත් දියත් කරන ප්‍රහාරවලට ඇමරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදු කළහොත් එය ඔවුන්ට ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වන බව ඇමරිකානුවන් දැනගත යුතු බවයි.