උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් මිය ගිය ගණන ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 59දෙනෙක් මිය ගොස් තිබෙන බවයි.
එරට පොලීසිය මේ වන විට ඊට සම්බන්ධ පුද්ගලයන් 10දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් තවත් 155දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
කොකානිහී පල්ස් සමාජ ශාලාවේ මෙම ගින්න හටගෙන තිබෙනවා.
එරට ජනප්‍රිය හිප්-හොප් ගායන යුගලයක් වන DNK විසින් පවත්වනු ලැබූ ප්‍රසංගයක් අතරතුර මෙම ගින්න හට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
සංගීත කණ්ඩායමේ එක් සාමාජිකයෙක් පමණක් දිවි ගලවා ගෙන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එරට රජය පවසනවා.
(colombotimes.lk)