colombotimes.lk
සිංහල | English

01 July 2024

ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳ විවාදයට දින නියමවේ



ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 යන දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ඡන්ද විමසීම ජූලි 3 වන දින සවස පැවැත්වීමට නියමිත අතර ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16වන ස්ථාවර නියෝගය ප්‍රකාරව මෙම කැඳවීම සිදුකර තිබෙනවා.

එබැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් කළා.
(colombotimes.lk)