colombotimes.lk
සිංහල | English

30 June 2024

පොහොට්ටුවේ 21 දෙනෙක්ට ආණ්ඩුවෙන් ලක්ෂ දෙක බැගින්



පොහොට්ටුවේ  මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ  දෙකක දීමනාවක් හිමිවන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ අතර මෙලෙස මන්ත්‍රීවරියන් දෙදෙනෙකුද සිටින බවයි.  

ආණ්ඩුවේ වැඩපිළිවෙල  සඳහා සහාය ලබා ගැනීමට මෙම දීමනාව සිදු කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ පිළිබඳව Colombo Times අප  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉහළ පෙළේ නායකයෙකුගෙන් විමසූ අතර ඔහු සඳහන් කළේ  ඔහුටද එවන් තොරතුරක් ලැබූ බැවින් මේ පිළිබඳ  කරුණු සොයා සිටින බවයි.

(colombotimes.lk)