colombotimes.lk
සිංහල | English

02 July 2024

බස් ගාස්තු අඩුවීම හෙට සිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ - ගැමුණු විජේරත්න



හෙට (01) සිට ක්‍රියාත්මක වන බස් ගාස්තු අඩු කිරීම සම්ප්‍රධානුකූලව ක්‍රියාත්මක වීමට හැකියාවක් නැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ සඳහා අවශ්‍ය නිර්නායක සහ සටහන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් බස් රථවලට ලබා දීමට කටයුතුකර නැති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් හෙට දිනයේදී මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක නොවන බවත් ප්‍රශ්න ඇතිකර නොගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)