colombotimes.lk
සිංහල | English

02 July 2024

දරුණු සුළි කුණාටුවක් සම්බන්ධයෙන් අනතුරු අඟවයි



කැරිබියන් දූපත් වෙත දරුණු සුළි කුණාටුවක් සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

“බෙරිල්” නැමැති මෙම සුළි කුණාටුව කැරිබියන් දූපත් වෙත මේ වසරේදී පැමිණෙන පළමු සුළි කුණාටුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සුළි කුණාටුව දරුණු තත්ත්වයේ පවතින එකක් වන අතර දැනට බාබඩෝස් හි සිට කිලෝමීටර් 850ක පමණ දුරින් පවතින බවට අනතුරු අඟවා තිබෙනවා.

“බෙරිල්” සුළි කුණාටුව ජනතාවගේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 179ක පමණ වේගයකින් හමා යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

(colombotimes.lk)