colombotimes.lk
සිංහල | English

02 July 2024

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරමකට කොටු වෙයි



මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින්.

එම ඒකකය මඟින් සිදුකළ දීර්ඝ අභ්‍යන්තර පරීෂණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

මෙම නිලධාරීන් දෙදෙනා නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ දෙදෙනෙක් බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතයි.

(colombotimes.lk)