colombotimes.lk
සිංහල | English

02 July 2024

වැඩබලන නීතිපති ධූරයට පාරින්ද රණසිංහ පත් කරයි



හිටපු නීතිපති ජනාධිපති නීතීඥ සංජෙයි රාජරත්නම් මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ නීතිපති ධූරය සඳහා වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙකු වන පාරින්ද රණසිංහ මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව හෙට (01) දිනයේදී ඔහු එම ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර මෙම පත් කිරීම දින 14ක් සඳහා වලංගු වන බවයි සඳහන් වන්නේ.

ඊට අදාළ යෝජනාව ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාද ජයරත්න ප්‍රකාශ කළා.

(colombotimes.lk)