25 October 2025

logo

තායිලන්තයෙන් තෑගි කළ ඇතුන් නැවත ගෙන්වා ගැනීමේ තීරණයක්



තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනෙක් ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමුවී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔක්තෝබර් මස 28වන දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි. 

ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන තිබෙනවා. 

2023 වසරේදී ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය Plai Sak Surin හෙවත්  'මුතුරාජා' හස්තියා මෙරටින් රැගෙනයාමට අනුගමනය කළ ක්‍රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙනයාම සඳහා භාවිත කිරීමට නියමිතයි. 

(colombotimes.lk)