ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් සහ නිවාස ඉදි කිරීම් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකගේ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.
වරාය අධිකාරියේ කම්කරු රැකිවක් ලබාදෙන බව පවසා පුද්ගලයෙක්ගෙන් රුපියල් 245,000ක මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සිදු කරන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රැකියාව ලබාදීම සඳහා අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 05ක මුදලක් අවශ්‍ය බව මෙම සැකකරුවන් දෙදෙනා අදාළ පුද්ගලයාට පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉතිරි මුදල රැකියාව ලබාදීමෙන් අනතුරුව ගෙවන ලෙසද ඔවුන් පවසා තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)
